අනුරගේ V8 එකේ වියදම දරන්නේ පක්ෂයෙන්..

චෝදනා කරන අය කුමන චෝදනා කළ ද ජාතික ජන බලවේගයේ කිසිවකු ජනතා මුදල් අවභාවිත කර නොමැති බව එම පක්ෂයේ ජාතික විධායක සභික හරිනි අමරසූරිය සඳහන් කළා.

ඇය මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.

මේ වන විට 2024 ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයකු බවට පත් වී සිටින අනුර කුමාර දිසානායක මහතාට ප්‍රතිවිරුද්ධ පාර්ශව ඔහු භාවිත කරනු ලබන රථය පිළිබඳ චෝදනා එල්ල කරමින් සිටියි.

එම චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් හරිනි අමරසූරිය සඳහන් කර ඇත්තේ ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පක්ෂය යෙදූ ආරක්ෂක වැඩපිළිවෙලක කොටසක් බවයි.

ඒ සඳහා මහජන අරමුදල් කිසිවක් භාවිත කර නොමැති බවත් එය පක්ෂය විසින් දරන වියදමක් යැයි සඳහන් කළා.

“අනුර සහෝදරයාගේ ආරක්ෂාව අපට වැදගත්.අනුර සහෝදරයාගේ ආරක්ෂාව මත අප ගන්න විවිධ තීන්දු තීරණ තියෙනවාඒ තීන්දු තීරණවලින් කවදාවත් රටේ ජනතාවට බරක් වී නැහැ.ඒක අපි දරාගන්න වියදමක්.අපි දරාගන්න බරක්.ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නැහැ

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...