වීසා රහිත රටවල් 38 සඳහා one chop ක්‍රමයට තවත් නිදහසක්

වීසා රහිත රටවල්  38ක් සඳහා සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය වහාම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව සංචාරක අමාත්‍යාංශයේ උපදේශක හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අයදුම්කරුවෙකුගේ විදෙස් ගමන් බලපත්‍රයේ එක් නිල මුද්‍රාවක් පමණක් සහිතව වීසා නිකුත් කිරීමට සහ වීසා දීර්ඝ කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා.

මෙයින් පෙන්නුම් කරන්නේ අමතර අනුමැතිය හෝ සංකීර්ණ ක්‍රියා පටිපාටි අවශ්‍ය නොවී වීසා බලපත්‍රය අනුමත කිරීම බව හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

X පණිවිඩියක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ද මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව පෙන්වා දී තිබුණා.

ශ්‍රී ලංකාව තුළ අලුතින් හඳුන්වා දී ඇති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලුකාරී තත්වය හේතුවෙන් සංචාරකයින් කටුනායක ගුවන් තොටුපළේ ප්‍රමාදයකට මුහුණ දී සිටින බැවින් මෙම පියවර ගෙන තිබෙනවා.
2024 ඔක්තෝබර් 1 වැනිදා සිට රටවල් 35කට වීසා රහිතව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමට කැබිනට් මණ්ඩලය මීට පෙර තීරණය කර තිබුණා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!