තැපැල් ඡන්ද ඉලක්ක කර වට්ස්ඇප් කුමන්ත්‍රණයක්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය හමුවේ ඇතැම් පාර්ශව භීතියට පත්ව සිටින අතර එම බලවේග ඉතා නිර්ලජ්ජිතව අනුර දිසානායකට හා ජාතික ජනබලවේගයට මඩ ප්‍රහාර දියත් කිරීම අරඹා තිබෙන බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසනවා.

ඒ අනුව මේ වන විට තැපැල් ඡන්ද දායකයාගේ මනස විකෘති කරන ආකාරයේ වට්ස් ඇප් පණිවිඩ SMS පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ යැවීමට කටයුතු කරමින් සිටින බව ඒ මහතා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) ජාතික ජන බලවේගයේ ”අදිටන” විශ්‍රාමික හමුදා නිලධාරී එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“ඒ වට්ස් ඇප් පණිවිඩවල තියෙනවා ලංකාවේ අයට පිටරට යන්න ඕන නම් ආණ්ඩුවේ අවසර ගන්න ඕනලු.මොන විහිළු කතාවක් ද ලංකාව උතුරු කොරියාවක් නෙවෙයිනේ මේ ලංකාව තියෙන්නේ.

තව එකක් තියෙනවා.අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධයෙන් පිටරට යන එක තහනම් කරනවා කියලා.

ඊළඟට පුද්ගලික රෝහල්වල අධ්‍යක්ෂ මණ්ඩලය 50% ක් ආණ්ඩුවෙන් පත් කරනවා කියලා.

ඒ වගේම අපේ ජනතාවගේ ස්ථාවර තැන්පතු රජයට පවරා ගන්නා බව හඳුන්නෙත්ති සහෝදරයා කීවා කියලා ඊයේ ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබුණා. මේ රටේ මිනිසුන්ට දේපළ තබා ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කර තිබෙනවා. සල්ලි කියන්නෙත් මිනිසුන්ගේ දේපළක්. යම් නීතියක් පනවනවා නම්,ඊට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත යනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් පසුවයි ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ. ආණ්ඩුවක් පත්වුණා කියලා හිතෙන හිතෙන ආකාරයට නීති සම්මත කරගන්න බැහැ, බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. අපේ රටේ ජනතාවට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මම ඒ බව සඳහන් කරනවා. දේශපාලනය සම්බන්ධයෙන් සාතිශය බහුතර ජනතාව මේ වන විට ගෙන තිබෙන තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කර, ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා පත්කර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!