IMF එකෙන් ඒකපාර්ශවීයව ඉවත් වෙලා රට අමාරුවේ දාන්නේ නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බැවින් ඒක පාර්ශවිකව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒකපාර්ශවීයව ඉවත් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් පැවසුවේ ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සම්පූර්ණ කිරීමට ලබා දී ඇති පරාමිතීන් ළඟා කර ගැනීම රටට හිතකර දෙයක් මිස අහිතකර දෙයක් නොවන බවයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ තියෙන්නේ. ද්විපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ. බහුපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ. ඒ කියන්නේ සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකට ගැට ගහලා තියෙන්නේ. මේ වෙලාවේ කවුරු හරි ඒකපාර්ශවීයව එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්.

ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ඒකපාර්ශවීයව කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්වීමට බලාපොරොත්තුවක් නෑ. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සකස් කර ඇති පරාමිතීන් ප්‍රමාණයක් තියෙනවා අපි විසින් සම්පූර්ණ කළ යුතු. ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3ක අපි රඳවා ගත යුතුයි ලබන වසරේ. 2032 වෙනවිට අපේ ණය අනුපාතය 98% ඉලක්කමට රඳවා ගත යුතුයි. අපිට යම් පරාමිතීන් ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඒවා රටකට අහිතකර නෑ. ඒවා ළඟා කරගැනීම නරක දෙයක් නෙමෙයි. එය කවුරු විසින් ලබාදුන්නත් එය ආර්ථික ඉලක්ක නරක ඒවා නෙමෙයි.”

Latest News

More like this

චැලැන්ජ් එකකට ක්ෂණික ආහාර අධික ලෙස ගත් යෝග්‍යතා පුහුණුකරුවාට අත් වූ ඉරණම

ප්‍රසිද්ධ යෝග්‍යතා පුහුණුකරුවෙකු ක්ෂණික ආහාර අධික අත්හදා බැලීමක් අතරතුර...

තුන්වන ලෝකයේ රටවලට අමෙරිකාව තහනම්…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “තුන්වන ලෝකයේ රටවල්” වලින්...

ගම්පහට මහා ගංවතුර අනතුරු ඇඟවීමක්

ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල්...

තුන්වන ලෝක යුද්ධයක බිය මධ්‍යයේ ප්‍රංශය හමුදාව තර කරයි..

රුසියාවෙන් එල්ල වන තර්ජනය සහ යුරෝපා කලාපයේ නව ගැටුමක්...