ඔස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බර් නම් පිරිමි දරුවකු තමන් ගිය ආත්මයේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඩයනා කුමරිය බව පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ පුවතක් ඩයනාගේ මතකයට පවා තවමත් ආදරය කරන බොහෝ දෙනෙක්ගේ කම්පනයට හේතු වී තිබෙනවා.
මේ වන විට පළවන මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ පැරීසියේ දී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් මරණයට පත් වූ ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය ඔස්ට්‍රේලියාවේ දී සිදුව ඇති බවයි.
එම වාර්තාවලට අනුව ඩයනා කුමරී නැවත උප්පත්තිය ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියකු වන ඩේවිඩ් කැම්බල්ගේ පුතකු ලෙසයි.
මෙය විදෙස් මාධ්‍යවල ප්‍රමුඛතම සිරස්තලයක් බවට පත්වුණේ ඩේවිඩ් කැම්බල් සිය පුතු වන බිලී වයස අවුරුදු දෙකේදී තමන් පසුගිය ආත්මයේ ඩයනා කුමරිය බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බව පැවසීමත් සමඟනි.
2019 වසරේදී මුල්ම වරට එම ප්‍රකාශය කළ බිලී නැවත නැවතත් ඔහුගේ පෙර භවයට අදාළ සිදුවීම් විස්තර කළ බවත් එම ඇතැම් කරුණු සිය මවිතයට හේතු වූ බව ඩේවිඩ් අනාවරණය කළා.
ඩෙවිඩ් සුප්‍රකට සඟරාවක් වෙත අදහස් දක්වමින් පැවසුවේ බිලී වයස අවුරුදු දෙකේදී ඩයනා කුමරිය පිළිබඳව සඳහන් කළ දේ ඔහුගේ වයසේ පසුවන කිසිදු දරුවෙකුට දැන ගැනීමේ හැකියාවක් නොමැති බවයි.
ඔහු ඩයනාගේ ජීවිතය පිළිබඳ පවසන තොරතුරු ඉතාමත් නිවැරදි බවත් බොහෝ දෙනා ඉන් මවිතයට පත් වූ බව ඔහු පවසනවා.
ඩයනා කුමරියට ජීවිතය අහිමි කළ මෝටර් රථ අනතුර පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු ඔහු පවසා තිබෙනවා.එමෙන්ම බැල්මොරල් මාළිගය පිළිබඳ එහි ඇති යුනිකෝන් සලකුණු පිළිබඳවද ඔහු ඇදහිය නොහැකි අනාවරණයන් කරඇති බවයි සඳහන් වන්නේ.
වයස අවුරුදු දෙකේ දී ඩයනාගේ ඡායාරූපයක් දුටු විට “බලන්න, කුමරියකව සිටියදී ඒ මමයි” කියා ඔහු පැවසූ බව ඩේවිඩ් පවසනවා.
පුදුම සහගත ලෙස ඔහු විලියම් කුමරු සහ හැරී කුමරු පිළිබඳවද තොරතුරු පවසා තිබෙනවා.
“යුනිකෝන් යනු ස්කොට්ලන්තයේ ජාතික සත්වයා” වන අතර බිත්ති මත යුනිකෝන් සලකුණු කර ඇති බව ඔහු දන්නේ කෙසේ ද?
ඩේවිඩ් පවසන්නේ ඩයනාගේ මරණය පිළිබඳ සඳහන් කරමින් තවදුරටත් තමා කුමරියක නොවූ බව සිය පුතා පැවසූ බවයි.
III චාල්ස් රජුගේ ආදරණීය පළමු බිරිඳ සහ විලියම් සහ හැරී කුමරුන්ගේ මව වන ඩයනා කුමරිය වයස අවුරුදු 36 දී දරුණු රිය අනතුරකින් ඛේදජනක ලෙස සමුගත්තා. ඒ 1997 අගෝස්තු 31 වන දින පැරීසියේදීය.

