සජිත් ප්‍රේමදාස මහතාට කිසිදිනක අනුර කුමාර දිසානායක මහතා පැරදවීමේ හැකියාවක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයකු ලෙස තරග වදින රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතා සියලු අපේක්ෂකයින් අභිබවා මේ වන විට පෙරමුණ ගෙන ඇති බව ප්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව මෙයයි.
මෙවර ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන තරගකරුවන් ලෙස මේ වන විට මතු වී සිටින්නේ සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක හා රනිල් වික්‍රමසිංහයි.
ඒ අතර සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර තියුණු සටනක් මුලින් දැකගත හැකි වූ අතර අනුර ශීඝ්‍රයෙන් සිය ජනප්‍රියතාවය වැඩි කරගන්නා ආකාරය දක්නට ලැබුණා.
කෙසේ වෙතත් සජිත් පාර්ශවය එළිපිට එය කිසිසේත් පිළිනොගත් අතර තවමත් රට වටා යමින් පවසන්නේ සජිත් පෙරමුණේ සිටින බවයි.
එහෙත් මේ වන විට සජිත් පාර්ශවය හා රනිල් පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීන් සියලු දෙනාම අනුරගේ ජයග්‍රහණය පිළිබඳ දැඩි බියකින් පසුවන අතර රනිල් සජිත් එක් කර අනුර පරාජය කිරීමට මේ වන විට සැලසුම් අඳිමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව පසුගිය දා සජිත් පාර්ශවයේ තලතා අතුකෝරළ සජිත් රනිල් එක් නොවන්නේ නම් අනුරගේ ජයග්‍රහණය ස්ථිර බවට පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද ඉල්ලා අස් වූ අතර අද දිනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අරුන්දික ප්‍රනාන්දු ද රනිල් සජිත් එක් නොවන්නේ නම් අනුරගේ ජයග්‍රහණය නියත බව පවසමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගැනීමට කටයුතු කළා.
රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ වේදිකාවක සජිත්ට කිසිදිනක අනුර පරාජය කිරීමේ හැකියාවක් නැති බව පළමු වතාවට පිළිගෙන ඇත්තේ ද මෙම වාතාවරණය තුළදීය.ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව පැවසුවේ ඔහුගේ ජය තහවුරු කිරීම සඳහා අද (04) පස්වරුවේ මහියංගනයේ පැවැති ජනරැළිය අතරතුරයි.
විපක්ෂයේ ප්‍රධාන බලවේගය ලෙස ඉතිහාසයේ සිට තමා සහ අනෙකුත් දක්ෂිණාංශික නායකයින් සියලු දෙනා රැකගත් තත්ත්වය ද සජිත් අහිමි කරගෙන ඇති බව ඔහු අවධාරණය කර සිටියා.
“සජිත් ප්‍රේමදාසට කිසි දවසක අනුර කුමාර දිසානායකව පරද්දන්න බැහැ.මේ රටේ හැම වෙලේම තරගයේ තිබුණ දෙන්නෙක් අතර.ආණ්ඩුවෙන් එක්කෙනයි විපක්ෂයෙන් එක්කෙනයි.විපක්ෂ නායක දැනගන්න ඕන තව කෙනෙකුට ඉඩ නොදෙන්න මම ඉන්න කාලෙට දුන්නේ නැහැ නැහැ වෙන කෙනෙක්ට එන්න.මහින්ද රාජපක්ෂ ඉඩ දුන්නේ නැහැ.
සජිත් ප්‍රේමදාසට ඕක කරන්න තිබුණේ හැමදාම පාර්ලිමේන්තුවේ නැගිටලා ඕපාදූප කතා කරලා පැය දෙක තුන නාස්ති කරලා අන්තිමේ මොකක්ද සිද්ධ උනේ දැන් අනුර දිසානායක ඇවිල්ල සජිත්ට තර්ජනයක් වෙලා.සමහරු හිතනවා සජිත්ට පහු කරගෙන යන්න පුළුවන් කියලා සජිත්ට කවදාවත් බැහැ අනුරව පරද්දන්න.මතක තියාගන්න සැප්තැම්බර් 21 වෙනිදට ගිහින් ගෑස් සිලින්ඩරේ ගාව කතිරෙ ගහන්න.කතිට ගැහුවෙ නැති උනොත් ගෑස් නැති වෙනවා කෘෂිකර්මෙත් නැති වෙනවා”