තලතා හෙට රනිල්ගේ වේදිකාවට

පසුගියදා විශේෂ ප්‍රකාශයක් මතු කරමින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරල, මෙවර ස්වාධින අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් හෙට (05) මතුගම නගරයේ පැවැත්වෙන ජන රැලියට සහභාගී වීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

සිය ඉල්ලා අස්විම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරමින් ඇය අවධාරණය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින විරසකය තුල ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බලයට ඒම වැළැක්විය නොහැකි බවයි.

තමාට අවශ්‍ය වී ඇත්තේ තනතුරු හෝ වරප්‍රසාද නොව, තවත් ගෝඨාභය කෙනෙකුගෙන් රට බේරා ගැනීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ පසුගිය 30 දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ද සඳහන් කළා.

තමා එදා පාර්ලිමේන්තුවේදී දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ලඟාකර ගතයුතු නැති බව යැයි ද ඇය එම නිවේදනය ඔස්සේ කියා සිටියා.

මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකන්නි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? තමාට සජිත් ප්‍රේමදාස සමග පෞද්ගලික ගැටළුවක් නැතත්, ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී එම භයානක සත්‍යය අවබෝධ වූ බව මන්ත්‍රීවරිය එහි දී වැඩි දුරටත් සඳහන් කර තිබුණා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...