රාජ්‍ය සේවකයින්ට තියෙන්නේ ජනවාරි 01 ලබනකල් බලන් ඉන්න විතරයි

ජනවාරි 01 වනදා සිට නියත වශයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමේ ප්‍රතිලාභය ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඡන්ද පොරොන්දු ඇතුළත් හුදු ලියවිල්ලක් නොවන බවත් ඊට මහා භාණ්ඩාගාරයේ මෙන්ම අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.

එම නිසා එම ප්‍රතිලාභය ලැබීමට තවත් තිබෙන්නේ ජනවාරි 01 වෙනිදා උදා වීම පමණක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කළේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ඉදිරිපත් වූ යෝජනා ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ වූවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවක වැටුප නිශ්චිත බැවින් එය කිසි සේත් කප්පාදු නොකළ යුතු බව පවසමින් එය දැඩිව ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවසුවා.

කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියා.

Latest News

error: Content is protected !!