“අයියෝ සාමි” ඉන්දියාවේ සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකාව,ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ජනප්‍රිය වූ වින්ඩි ගුණතිලක ගායනා කරන ‘අයියෝ සාමි’ දමිළ ගීතය සඳහා ඉන්දියාවේදී සම්මානයක් හිමිවී තිබෙනවා.

පසුගියදා දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී වසරේ හොඳම සංවේදී ගීතය – 2023 සඳහා වන සම්මානය පිරිනැමුණේ  අයියෝ සාමි ගීතයටයි. 

වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ විසින් ගායනා කරන මෙම ගීතය සිංහල සහ දමිළ ගී පදවල සම්මිශ්‍රණයක් වන අතර එය ලියා ඇත්තේ ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලාංකික ගීත රචකයෙකු වන ‘පොත්තුවිල් අස්මින්’ විසින්.

සනුක වික්‍රමසිංහ සහ පොතුවිල් අස්මින් සමඟින් වින්ඩි ගුණතිලක මෙම සම්මානය ලබා ගත්තේ නොමඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේය.

එම අවස්ථාවට ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ද සහභාගී වී සිටියා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...