මහින්දට නොබෙල් ත්‍යාගය නිර්දේශ කළ රාජිත රනිල්ව ගිනස් වාර්තා පොතට යවයි

වසර එකහමාරකින් ලෝකයේ කිසිම රටක් බංකොලොත්භාවයෙන් ගොඩ ඇවිත් නැති බවත් ලෝක ඉතිහාසයේ එම පෙරළිය කළ එකම නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගිනස් වාර්තා පොතට ඇතුළත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

“ලෝක ඉතිහාසේ කිසිම රටක් අවුරුදු එකහමාරකින් බංකොලොත්භාවයෙන් ගොඩ ඇවිත් නැහැ.

ඒ නිසා ගිනස් වාර්තා පොතේ ලියවෙනවා රනිල් වික්‍රමසිංහ තමයි ලෝක ඉතිහාසේ අවුරුදු එකහමාරකින් බංකොලොත් රටක් ගොඩගත්තු නායකයා විදියට.

මේක ආර්ථිකයේ විශ්වකර්මයක්.එහෙමයි ලෝක නායකයෝ මේ ආර්ථිකය දකින්නේ.

මාස දෙක තුනකට ඉස්සෙල්ලා ඉතියෝපියාව බංකොලොත් වුණා.මොකක්ද කිව්වෙ IMF එක.

Fullow Sri Lanka කියලා කිව්වෙ.Fullow Wikramasinghe Method කියලා කිව්වෙ. “

ඔහු මීට පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නොබෙල් ත්‍යගායට ද සුදුසු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...