පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩ දාන්න සජිත් ගේන සිංගප්පුරු ක්‍රමය ..

රාජ්‍ය ව්‍යවසාය (SOE) තවදුරටත් රටට, ආර්ථිකයට, බදු ගෙවන්නන්ට සහ ජනතාවට බරක් විය නොහැකි බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ Blueprint 3.0 එළිදැක්වීම සැප්තැම්බර් 04 වැනි දින ITC රත්නදීප, සංගම් බෝල්රූම් හිදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන කථිකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ තමන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පරිවර්තනීය ආර්ථික ප්‍රතිපත්තිවලට අත්‍යවශ්‍ය බව ඔහු මෙහිදී කියා සිටියා.

“රාජ්‍ය ව්‍යවසායන් තනි තනිව සලකා බැලිය යුතු බව අපි විශ්වාස කරනවා.දැනට ලාභ ලබන අය ලාභය වැඩි කර ගැනීමට ක්‍රමවේදයන් ඇති බවට සහතික විය යුතුයි. පාඩු ලබන ව්‍යවසායන් වෙත නිශ්චිත ඉලක්ක ලබා දී රටට බරක් නොවන ආකාරයට සිංගප්පුරුවේ TEMASEK ආකෘතිය භාවිත කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.

ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන මහත්වරු කථිකයන් ලෙස මෙම අවස්ථාවට එක් වූ අතර එහිදී සමගි ජන බලවේගයේ ශ්‍රී ලංකාව ගොඩනැගීම පිළිබඳ දැක්ම පැහැදිලි කෙරුණු අතර, සමගි ජන බලවේගයේ Economic Blueprint ආර්ථික සැලැස්ම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශයද එළිදැක්වීම ද සිදු කෙරුණා.

__tpx__

Latest News

More like this

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...