රනිල් උතුරෙන් සමාව ගත යුතුයි

උතුරේ ජනතාවගෙන් සමාව ගන්නා ලෙස තමාට අභියෝග කරනවා වෙනුවට යාපනයේ පැවති ජන රැළියක් අතරතුර ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ ජනතාවගෙන් සමාව ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

අන්තර් සමාගම් සේවක සංගමයේ  25 වැනි සමුළුව අමතමින් දිසානායක කියා සිටියේ තමන් උතුරේ ජනතාවට අනිසි බලපෑම් කළ බව පවසමින් උතුරේ ජනතාවගෙන් සමාව ගන්නා ලෙස ජනාධිපති වික්‍රමසිංහ තමාට අභියෝග කර ඇති බවයි.

“රනිල් මේ මැතිවරණයේදී ජාතිවාදය අවුස්සන්න හදනවා. මම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට ස්තූතිවන්ත විය යුතුයි. ඔහු රනිල්ට නිවැරදි පිළිතුර දී තිබෙනවා. රනිල් දැන් සමාව ගත යුතුයි” ඔහු කියා සිටියා.

රට තුළ ජාතිවාදය ඇවිස්සීමේ දේශපාලනය දැන් පහව ගොස් ඇති බවත් එවැනි දේශපාලන ක්‍රියාමාර්ග අදට වලංගු නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...