මේකට නම් අනුර උත්තර දෙන්නම ඕන..

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දෙන තෙක් සියලු රැස්වීම්වලදී ඔහුගෙන් ප්‍රශ්න කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පැවති ජන රැළියක දී ප්‍රකාශ කළා.

 “උතුරේ ජනතාවට තර්ජනය කළාට සමාව ගන්නවද කියලා මම අනුරගෙන් ප්‍රශ්න කළා. මම යාපනයේදී කළ මගේ මේ ප්‍රකාශයට ඔහු ප්‍රතිචාර දක්වා ඇති තිබෙනවා. ඔහුට අසනීප වී ඇති බවත් මටත් ආරංචි වුණා. මම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා” වැලිමඩ පැවති ජනහමුවක් අතරතුර ජනාධිපතිවරයා කියා සිටියා.

“සුනිල් හඳුනෙත්ති කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපනයන සැකසුම් කලාප ඇති කරනවා, අපනයන ප්‍රවර්ධනය කරනවා කියලා. ඒත් අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියනවා NPP ආණ්ඩුවක් ලංකාව දැනටමත් ඇතිකරගෙන තියෙන නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. නිදහස් වෙළඳ ගිවිසුම් නැතුව කොහොමද අපනයන දියුණු කරන්නේ?  මේ ප්‍රශ්නයට අනුරගෙන් මට පිළිතුරක් අවශ්‍යයි.

ඒ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙන තෙක් සියලුම රැස්වීම්වලදී එම ප්‍රශ්ණය ඔහුගෙන් අසන බවයි ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!