තමාට අගමැති වීමට 71 වතාවක් ආරාධනා ලැබුණු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවා අගමැතිකම භාර ගැනීමට ආරාධනා කළ ද ප්‍රතිපත්ති පාවා නොදුන් බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා.
තමන් එම තනතුරු භාර ගැනීමට කිසිවිටක කැමති නොවුණේ හොරුන් සමග ඩීල් නොමැති නිසා බවයි ඒ මහතා සඳහන් කළේ.
එමෙන්ම තමන් කිසිදු අවස්ථාවක මුදලින් මන්ත්‍රීවරුන් බාගැනීමට කටයුතු නොකළ අතර ඉදිරියටත් ඒ ප්‍රතිපත්තියේම සිටිමින් දූෂිත සංස්කෘතියට නැවතීම තබන බව විපක්ෂ නායකවරයා පවසා තිබෙනවා.
වත්මන් ජනාධිපතිවරයා මෙන් තමන් හොරු සමග එකට වාසය නොකළ බවත් රට හොරා කෑ හොරුත් සමග දේශපාලන දීග කෑම තමාට ලැජ්ජා බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට විවිධ ක්ෂේත්‍ර යටතේ පත්වීම් කළ හැකි බලය ලැබෙන බව බවත් ඒවා ද තමා තනි මතයට ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ඔහු අවධාරණය කරනු ලැබුවා.