අනුර ආවොත් පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක්

ගෞරවනීය සහ ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් සහතික කිරීමේ පියවරක් ලෙස පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ජාතික ජන බලවේගය යෝජනා කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08) ප්‍රකාශ කළා.

විශ්‍රාමිකයින් බහුතරයක් දුක්ඛිත ජීවිත ගත කරන බව පවසමින් සෑම දෙනාම ගෞරවනීය හා ප්‍රීතිමත් විශ්‍රාමික ජීවිතයක් ගත කළ යුතු බව ඔහු කියා සිටියා.

අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අන්තර් සමාගම් සේවක සංගමයේ (ICEU) 25 වැනි සමුළුව අමතමින්.

පෞද්ගලික අංශයේ සේවකයන් රටේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන බව ඔහු මෙහිදී සිහිපත් කළා.

“ඕනෑම කෙනෙකුට වැඩ කිරීමට කාල සීමාවක් තිබෙනවා. සෑම කෙනෙකුම ගෞරවාන්විත හා ප්‍රීතිමත් විශ්‍රාමික ජීවිතයක් ගත කළ යුතුයි. පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට අපට යෝජනාවක් තිබෙනවා.” 

ජීවන වියදමට අනුව මාස හයකට වරක් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට වැටුප් වර්ධක පටිපාටියක් අවශ්‍ය බව ද අනුර දිසානායක මහතා සඳහන් කළා.

මීට දශක එකහමාරකට පෙර ආරම්භ වූ මිනිස්බල සැපයුම් ක්‍රමය නවීන ආකාරයේ වහල් වෙළඳාමක් ලෙස ඉදිරියට නොයා යුතු බව ද ඔහු අවධාරණය කර සිටියා.

“මෑන්පවර් සමාගම් හරහා සේවකයින් බඳවා ගැනීමේ ක්‍රමයක් මීට දශක එකහමාරකට පෙර ආරම්භ වුණා. එය නූතන වහල් වෙළඳාමට සමානයි. ඔබේ ශ්‍රමය කොමිස් මුදලකට නියෝජිතයෙකු හරහා වෙළඳාම් කරයි. එය යුක්ති සහගත නැහැ. එම ආකෘතිය දිගටම පැවතිය යුතු දෙයක් නෙවෙයි.”

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...
error: Content is protected !!