ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් රට තුළ පවතින වත්මන් වීසා සහ විදේශ ගමන් බලපත්‍ර අර්බුදය හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් විශාල පිරිසක් මැතිවරණය සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත්, විදේශ ගමන් බලපත්‍ර කල් ඉකුත් වූ අයගේ විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සහ වීසා ලබා ගැනීමේ දුෂ්කරතාවන් හේතුවෙන් ඔවුන්ට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි විජිත හේරත් මහතා පැවසුවේ අද (09) පැවති මාධ්‍ය හමුවක් අතරතුරදීය.
“මැතිවරණයට ඡන්දය දෙන්න විදේශගත ලාංකිකයන් විශාල ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. හැබැයි ඒ අයට නියමිත වෙලාවට එන්න බෑ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලානම්. අලුත් පාස්පෝර්ට් එකක් ගන්න විදියක් නැහැ. වීසා ගන්න ගියත් අර මං කිව්ව ප්‍රශ්ණය තියෙනවා. ඊට හේතුව තමයි කලින් ඇති කළ VFS ගණුදෙනුව. ඒ වංචා සහගත ගණුදෙනුව නිසා උසාවි නියෝගයක් ලබා දුන්නා ඒ ක්‍රමවේදය නවත්තන්න. පරණ ක්‍රමය විදියට යන්න පරණ වෙබ් සයිට් එක ඕපන් කරන්න ඕන. තවම දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එක නිල වශයෙන් ඕපන් කරන්නේ නැහැ. මැනුවල් තමයි වීසා ලබා දීම සිදුවන්නේ ගුව්න තොටුපළේ.බොහෝ කාලයක් ගත වෙනවා. එයාර් පෝට් එකේ දිගු පෝළිම් නිර්මාණය වෙලා තියෙනවා.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුව හිතාමතාම ප්‍රශ්න උග්‍ර වීමට ඉඩ දී ඇත්දැයි සැක කරන බවයි.