ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය හුදෙක් අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වීමක් පමණක් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා පැරදවීමට මිස තමාගේ ජයග්‍රහණයක් සඳහා නොවන බව ඔහු කියා සිටියා.
“ජනාධිපතිතුමා නිතර අමතන්නේ අනුර කුමාර මගේ මිත්‍රයා කියලා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා කතාවක් තියෙනවනේ. තැපැල් ඡන්දෙ තියෙනකොට කලින් දවසෙ රෑ රජයේ රූපවාහිනියක පැය එකහමාරක් දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාට කතා කරන්න කාලය ලබාදෙනවා. මම දන්න විදියට ජේ.ආර් ජයවර්ධන නම් රෝහණ විජේවීරට එවැනි අවස්ථා ලබා දීලා නැහැ.”
මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සහයෝගය දැක්වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි මුජිබාර් රහුමාන් මන්ත්‍රීවරයා පවසන්නේ.
“එයාලා හිතාගෙන හිටියා රනිල් වික්‍රමසිංහල කරගහගෙන ගිහිල්ලා මේක දිනන්න පුළුවන් වෙයි කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ වෙලා.”
මේ වන විට ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ රැළි 22ක් අවලංගු කර ඇති බවත් එය පොහොට්ටුවේ මන්ත්‍රීවරු හෙමින් හෙමින් ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වීම පෙන්නුම් කරන බව මුජිබර් කියා සිටියා.
මුලිදී සිටි ඇමතිවරුන්ගෙන් බහුතරයක් ද ඔහුගේ වේදිකාවේ මේ වන විට දැක ගැනීමට නොලැබෙන බව ඔහු ද ඔහු සඳහන් කළා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සැබෑ ස්වරූපය මේ වන විට තේරුම් යාම නිසා ඔහුට සහයෝගය දැක්වීමට එක්වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දැඩි කළකිරීමට පත්ව සිටින බවත් ඔවුන් දෙලොවක් අතර අතරමං වී සිටින බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රටින් පිටවීම සඳහා ප්‍රධාන මැති ඇමතිවරු 80 කට අධික පිරිසක් මේ වන විටත් වීසා ලබාගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් අනාවරණය කරමින් කියා සිටියා.