ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා හා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර රහසිගත ගණුදෙනුවක් පවතින බවට පළ වන ප්‍රකාශ සම්බන්ධයෙන් පුවත්පතක් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අනුර කුමාර දිසානායක මහතා එවැනි කිසිදු ගණුදෙනුවක් නොපවතින බවත් සැබෑ ගණුදෙනුව ඇත්තේ රනිල් සහ සජබය අතර බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු එහි දී අවධාරණය කර ඇත්තේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු පවසන පරිදි වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ තමා අතර කිසියම් රහසිගත ගණුදෙනුවක් හෝ ඔහු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට හෝ ඔහු සමඟ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පවතී නම් ජනාධිපති අපේක්ෂකයන් ලෙස එකිනෙකාට එරෙහිව තරග නොකරන බවයි.
“ඇත්තටම මම දකින්නේ ඩීල් එක තියෙන්නේ වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර. මාව පරාජය කරන්න දෙන්නම එකතුවෙලා තියෙනවා. වික්‍රමසිංහ මට දිගින් දිගටම කතා කරන්නේ ‘ඔහුගේ මිතුරා’ ලෙසයි. අපි යාළුවෝ නෙවෙයි, නමුත් අපි දේශපාලන සටනක තරඟකරුවන්.”
තමන් පසුගිය කාලයේ වික්‍රමසිංහ මහතා හමුවී නැති බවත්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ ප්‍රචාරක කටයුතු කෙරෙහි අවධානය යොමු කළ බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
වික්‍රමසිංහ සහ සජබ කඳවුරු දෙකම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මෙම රහසිගත ගණුදෙනුවක් පිළිබඳ කටකතා පතුරුවා හරින බව ඔහු පවසනවා.