ජනතා බදු මුදලින් ජනාධිපතිවරුන්ගේ පවුල් නඩත්තු කිරීම සම්පූර්ණයෙන් නතර කරන බවත් එළැඹෙන 22 වැනිදා නියත ජයග්‍රහණයෙන් පසු පළමු පියවර ලෙස ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කට වැඩියෙන් කපා හරින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අවශ්‍ය වන කොළඹ ජනාධිපති මන්දිරය හැර සෙසු රටපුරා සියලුම ජනාධිපති මන්දිර පොදු මහජනතාවගේ අයිතියට පත් කරන බව ඔහු සඳහන් කළා.
දෙකෝටි ලක්ෂයක ජනතාවගේ බර සිය කරමතට ගන්නා බව පවසන සජිත් ප්‍රේමදාස මහතාගේ මවගේ බර දරන්නේත් ජනතාව බවයි ඔහු කියා සිටියේ.
“මොකද වෙන්නේ ලබන 22 වෙනිදාට එළිය වැටෙනකොට. මේ රටේ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක ඒක තමයි තත්ත්වය. අපේ පාලනය යටතේ මෙරටේ පවතින දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා. පළවෙනි පියවරේදී අපි පටන් ගන්නවා ජනාධිපතිගෙන්. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට 90%කට වැඩියෙන් කප්පාදු කරනවා. අපේ අනුර සහෝදරයම මේක කියලා තියෙනවා. අපේ ආණ්ඩුව යටතේ මේ රටේ බිහිවෙච්ච සරලම සරල ජනාධිපතිවරයා වෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා.
ඒ විතරක් නෙවෙයි අද සියලුම ජනාධිපතිවරු නඩත්තු වෙන්නේ ජනතාවගේ මුදලින්. දැනට ජීවතුන් අතර ඉන්න ජනාධිපතිවරුන්ගේ පවුල් ජීවතුන් අතර නැති ජනාධිපතිවරුන්ගේ පවුල් නඩත්තු වන්නේ ඔබේ මුදලින්. අද පුතාණෝ කියනවා, දෙකෝටි විසි ලක්ෂයක් මේ රටේ ජනතාවගේ බර පුතාණෝගේ කර උඩට ගන්නවලු. පුතානෝගේ මෑණියන්ගේ බරත් පටවලා තියෙන්නෙ තමුන්නාන්සේලාගේ කරඋඩ. ඔබ දන්නවද පුතානෝගේ මෑණියන්ට ලක්ෂ කීයක් වැය වෙනවද කියලා මාසෙකට. සියලුම ජනාධිපතිවරුන්ගේ පවුල් නඩත්තු කරන එක මහජන මුදලින් අපේ ආණ්ඩුව නතර කරනවා.”
නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේ අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අද (10) කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අතරතුරයි.