හිතුවක්කාර වුණු තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් ගෙදර..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යවරුන් වන ගීතා කුමාරසිංහ ඇතුළු පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කර තිබෙනවා.

ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක ඉවත් කළ පිරිසට ඇතුළත්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News

error: Content is protected !!