හොර ඡන්ද නෑ. ඡන්ද පෙට්ටි උස්සන්න වෙන්නේ නෑ. ඉතිහාසේ සාධාරණම මැතිවරණය පැවැත්වෙන්නේ මෙවර..

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නියත නමුත් අන්තිම මොහොතේ රනිල් වික්‍රමසිංහ කුමන හෝ ක්‍රමයකින් එම ජයග්‍රහණය ආපසු හරවාවි යැයි යන සැකයෙන් බියෙන් පසුවන මහජනතාව එවැනි බියක් තබා නොගත යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණය ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් බහුතරයක් මේ වන විට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බැවින් එම යාන්ත්‍රනයේ කිසිදු වංචාවක් විය නොහැකි බව සිය විශ්වාසය බවයි ඔහු සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමිනි.

“රනිල් වික්‍රමසිංහ අන්තිම මොහොතේ මොනවා හරි කරයිද දන්නෑ කියලා ජනතාව කියනවා. අන්තිම වෙලාවේ කරන දේ තමයි. පරදිනවා සාමකාමීව ගෙදර යනවා. ගල් කැටයක් අතින් ගන්නැති බව සහතිකයි. ඇයි ඒ පැරදිලා පුරුදු නැති මනුස්සයෙක් නෙවෙයිනේ පැරදිලා පුරුදු නැත්නම් කණගාටුයි. යනවා.

තවත් කට්ටියක් කියනවා ඡන්ද කොලේ මොනවාහරි කරයිද කියලා. ඡන්ද පෙට්ටියට කොලේ දැම්මහම ඒක රැකලා ගණන් කරලා ආරක්ෂා කරල දෙන්නෙ රාජ්‍ය නිලධාරීන්, අද රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%කට වඩා ජාතික ජන බලවේගය එක්ක.

එතකොට කට්ටිය අහනවා පෙට්ටි මාරු කරයිද කියලා. නෑ.. ඡන්ද මධ්‍යස්ථානයට පෙට්ටිය බාර දෙනකොට ඒක ආරක්ෂා කරන්නේ පොලිසිය. සීල් කරලා කච්චේරියට අරගෙන එන්නෙ පොලිසිය. කච්චේරියේ ගණන් කරන තැන හලනකොට ආරක්ෂා කරන්නෙ පොලිසිය. හිස් පෙට්ටිය ඒක ආරක්ෂා කරන්නෙත් පොලිසිය. පොලිසිය ඉඩ දෙයිද ඡන්ද පෙට්ටිය උස්සන්න? uniform එක නැති වෙලාවට කිට්ටු වෙලා අහන්නකො. තැපැල් ඡන්ද කාටද කියලා. මාළිමාවට.. එනිසා පොලිසිය මහත්වරුත් වෙනදාට වඩා මේවා ආරක්ෂා කරනවා.

හැම දෙනාටම අවශ්‍ය වෙලා තියෙනවා මේ වෙනස. දැන් අපි මේ පළාත්වල එනකොට කුරුණෑගල පොලිසිය අපට ආරක්ෂාව දෙන්න බැඳිලා ඉන්නවා ඒක රාජකාරිය. හැබැයි රාජකාරිය කරන විදියට පේනවා රාජකාරිය විතරක් නෙවෙයි ඇඟෙන් ඇඟෙන් කරන්නේ කියලා. මේ පරිවර්තනයට හැමෝම එකතු වෙලා තියෙන්නේ.”

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...