බොරැල්ලේ සංවිධානය කර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම උණුසුම්..

බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට අද(18) පැවැති සැමරුමක් අතරතුරු උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර තිබුණි.

ඒ අතරතුර ඊට පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

කෙසේවෙතත් පැමිණි පිරිස එම ස්ථානයේදී පහන් දල්වමින් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කිරීම සිදුකරනු ලැබීය. 

පසුව පොලිසීයේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණි.

Latest News

error: Content is protected !!