ජලනිට ගුවන් හමුදා ආචාර.. සමාජ මාධ්‍ය කැළඹේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඊයේ (10) උතුරු ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුර පලාලි ගුවන් හමුදා කඳවුරට ගිය අවස්ථාවේ ඇය පිළි ගැනීම සඳහා ගුවන් හමුදා නිලධාරීන් විසින් හමුදා ආචාර සමාචාර පිළිගන්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යජාලවල සංසරණය වන අතර එය මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

ගිනි අවියක් සිරුරට සමාන්තරව සිරස් අතට ඔසවා සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයින්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආකාරයේ ආචාරයක් ඇයට ලබා දෙන ආකාරය එම වීඩියෝවේ සටහන් වී තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ හමුදා ආචාරය පිරි නමනු ලැබුවේ ජලනි ප්‍රේමදාස මහත්මිය සමඟ පැමිණි පිරිස අතර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහතාට මිස වෙනත් කිසිවකුට නොවන බවයි.

කෙසේ වෙතත් අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ එම හමුදා ආචාරය ජලනි ප්‍රේමදාස මහත්මියට පවත්වන ආකාරය හා කොළපාට සළුවක් දවටමින් ද ඇයව පිළිගන්නා ආකාරයයි.

මෙම වීඩියෝව මුලින් ෆේස්බුක් වෙත මුදා හැර තිබුණේ උතුරු පළාත් සජබ සංවිධායක උමාචන්ද්‍ර ප්‍රගාෂ් විසිනි.

නමුත් ඊයේ සවස් වන විට උමාචන්ද්‍ර කඳවුරට ඇතුළු වන පිරිසට ආචාරය දුන් කොටස කපා ෆේස්බුක් හි පළ කරනු ලැබූ සිය වීඩියෝව සංස්කරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇයට මෙම හමුදා ආචාරය ලැබී තිබුණේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා උතුරේ පැවැති ජන හමු කීපයකට සහභාගිවීම සඳහා ඊයේ යාපනයට පැමිණ තිබූ අවස්ථාවේදීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ පැවති ජනරැළියකටද ඇය සහභාගි වී තිබුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!