අන්තිම සතියේ අනුරට එරෙහිව බොරු පොකුරු පිටින් සමාජගත කරන මෙහෙයුමක්.. පච විදින ගුවන් විදුලි සභාපතිටත් වැඩ වරදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටියත්, ස්වාධීනත්වයක් පිළිබිඹු නොකරමින්, රාජ්‍ය සම්පත්, දේපොළ, රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන්, ගුවන්තොටුපොළ නිලධාරීන් දිගින්දිගටම යොදා ගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත මහතා අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර සඳහන් කළා.

සමඟි ජන බලවේගය මෙන්ම ස්වාධීන අපේක්‍ෂක යන දෙදෙනාම සමාජ මාධ්‍ය යොදා ගනිමින්, දිගින්දිගටම අසත්‍ය කරුණු සහ මඩ ප්‍රහාර එල්ල කරමින් පවතින අතර එවැනි ක්‍රියා ඡන්දය ආරම්භ කළ මුල් කාලයේ ඉඳහිට වාර්තා වුවත්, මේ වන විට දිනපතා කිහිපයක් වාර්තා වන බවයි ඔහු කියා සිටියේ.

ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉතිරි වී තිබෙන සතියක කාලය තුළ මෙම තත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින බව වාර්තා වී ඇති බව සඳහන් කෙරුණා.

විශේෂයෙන් ගුවන් විදුලි සභාපතිවරයා ජාතික ජන බලවේගයේ නායකයා සහ දේශපාලන ව්‍යාපාරය පාදක කරගෙන අසත්‍ය කරුණු සහ මැතිවරණය පදනම් කරගෙන ජන මනස විකෘති කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී පැමිණිල්ලක් හෙට දිනයේ දී සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

“අපට තිබෙන්නේ එම කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමයි. විමර්ශනය කිරීම මැතිවරණ කොමිසමට සහ පොලිසියට භාරයි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර කඩිනමින් නොගන්නේ නම්, 22 වැනිදාට පසුව හෝ ලබා ගැනීමට සිදු වෙනවා. කූට ලේඛන ප්‍රචාරය කිරීම් දැඩිව සිදු වනවා. මේවා දණ්ඩනීති සංග්‍රහයේ 154 සිට 159 දක්වා වගන්තිවලින් ආවරණය වන බරපතළ කරුණු. මැතිවරණ කාලයෙන් පසුව මේ සම්බන්ධයෙන් ගැටලුවක් නොවන බව සමාජ මාධ්‍ය භාවිත කරමින්, මේ අනීතික ක්‍රියා කරන අය සිතාගෙන ඉන්නවා නම්, ඒක එහෙම නොවෙයි. කූට ලේඛන සකස් කළ අය පමණක් නොවෙයි, ඒවා ප්‍රචාරණය කළ සමාජ මාධ්‍යවලටත් වගකියන්න වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උදෑසන වැඩසටහන ගැනත් විශේෂ අවධානය දීර්ඝ කාලයක් සමාජය දුර්ගන්ධ හමන ක්‍රියාවක් ලෙස හඳුනාගෙන තිබුණා. දැන් එය ඉතාමත් පිළිකුල්සහගත ආකාරයකට ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා විසින් ජාතික ජන බලවේගයේ නායකයා සහ දේශපාලන ව්‍යාපාරය පාදක කරගෙන අසත්‍ය කරුණු සහ මැතිවරණය පදනම් කරගෙන ජන මනස විකෘති කිරීමට ක්‍රියා කරනවා. මේ සම්බන්ධයෙන් සුවිශේෂී පැමිණිල්ලක් හෙට දිනයේ දී සිදු කරනවා. ඔහුට සභාපති භූමිකාව මැතිවරණ සමයේදී නිසි පරිදි කළ නොහැකි නම්, නිසි බලධාරියකු යටතට පත් කරන ලෙස ඉල්ලීම් කරන්න සිදු වෙනවා. මේ දුර්ගන්ධය සමාජයට දරා ගන්න අමාරුයි. එය ඉවත් කරන්න ඕනෑ. රාජ්‍ය ආයතනයක් වන ගුවන්විදුලි සංස්ථාවේ මේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැනටමත් අවවාද කර ඇති බව අපට දැනගන්නට ලැබෙනවා. මැතිවරණ නීතිය පමණක් නොවෙයි, අපරාධ නීතියත් උල්ලංඝනය කරමින්, ගුවන්විදුලියේ සභාපතිවරයා කරන මේ ක්‍රියාමාර්ග නිදහස් හා සාධාරණ ඡන්දය භාවිත කිරීමට බාධාවක් වී තිබෙනවා.”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!