සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා අවම වයස් සීමාවක් පනවමින් ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව සැලසුම් කර තිබෙනවා.
Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා යෞවනයන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බවට මතුව ඇති දැඩි කණස්සල්ල මධ්‍යයේ රජය මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) සමාජ මාධ්‍ය තහනම ගැන අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ තහනමට පෙර ඒ සඳහා අවම වයස තීරණය කිරීම සඳහා රජය ඉදිරි මාසවලදී පර්යේෂණ සිදුකරන බවයි.
වයස අවුරුදු 14-16 අතර වයස් සීමාව ඒ සඳහා සලකා බලනු ඇති බවයි අගමැතිවරයා ප්‍රමුඛ රජය වැඩිදුරටත් පවසන්නේ.
මෙම නීතිය පැනවීම සිදු වුණහොත් සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවක් පැනවූ ලොව පළමු රට බවට පත්වන්නේ ඔස්ට්‍රේලියාවයි.