සැප්තැම්බර් 22 වැනිදා බිහිවන්නේ මේ රටේ සියලුම පුරවැසියන්ගේ ජනාධිපතිවරයා බවත් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වීමට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (11) මහනුවර දී පැවති ජන රැළියකට එක් වෙමිනි.
ජාතික ජන බලවේගයේ වේදිකාවේ සිටින්නේ හෘද සාක්ෂියක් සමඟ දේශපාලනය කරන කණ්ඩායමක් බවත් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි අයට සිය පියාගේ ඝාතකයන් සමඟ ගණුදෙනු කරන ඝාතකයන් සමඟ එක වේදිකාවක සිට ගැනීමට සිදු වීම ඛේදවාචකයක් බව ඔහු පැවසුවා.
“අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාව ඉන්නවා ආනන්ද සාගර කියලා භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ එදා රිෂාඩ් බදියුදීන් විල්පත්තුව කපනවා කියලා දකුණු විශාල කලබලයක් ඇති කළා. දකුණේ කොල්ලො කෙල්ලො අරන් ගියා විල්පත්තුවට. ඇත්ත රිෂාඩ් බදියුර්දීන් විල්පත්තුව කැපුවා. අධිකරණය තීන්දුවක් දුන්නා කපපු ගස් ටික හිටවපන් කියලා. හිටෙව්ව ද නැද්ද අපි දන්නෙ නෑ. හැබැයි රිෂාඩ් බදියුර්දීන් වැරදිකාරයා තමයි. ඒකට විරුද්ධව දකුණේ කෑ ගැහුවෙ ආනන්ද සාගර හාමුදුරුවෝ. අන්න දෙන්නම සජිත්ගේ වේදිකාවේ. එකට එකතුවෙලා මාළිමාවට ගහනවා. අද නාලක ගොඩහේවා සජිත් ප්‍රේමදාස එක්ක.
කියන්න කණගාටුයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇගේ පියාගේ ඝාතනයට යුක්තිය ඉල්ලමින් දේශපාලනයට ආවේ. මිනිස්සුන්ගේ යම් හැඟීමක් තිබුණා තමන්ගේ තාත්තා වෙනුවෙන් ඉස්සරහට ආවෙ කියලා. අද තාත්තගේ ඝාතකයො එක්ක ඩීල් දාන උන් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා. අද හිරු එකත් එක්ක ඩීල් දානවා සජිත් ප්‍රේමදාස. ඒ සජිත් එක්ක වැඩ කරන්න වෙලා තියෙනව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට. කොච්ච්ර කණගාටු දායකද? කොච්චර කැතද? හෘද සාක්ෂියක් තියාගෙන එහෙම දේශපාලනයක් කරන්න පුළුවන් ද?”