ශ්‍රී ලංකාවට අලුත් නායකයෙක්.. ආයෝජකයින් කලබල වෙලා.. Bloomberg අනාවරණය කරයි

ශ්‍රී ලංකාවේ මේ වන විට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රටේ නව නායකත්වයක් ඇති වන බවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නායකත්වයේ ඇති වන වෙනසක් හේතුවෙන් අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා අසාර්ථක වීමට හේතුවනු ඇති බවට ආයෝජකයින් බියට පත්ව ඇතැයි එම වාර්තාව පෙන්වා දෙනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ ඒ අනුව ජනාධිපතිවරණය ආසන්න වෙද්දී මෙරට ඩොලර් බැඳුම්කර හිමියන් ඉදිරියේ ඇති විය හැකි දේශපාලන අවිනිශ්චිතතාව සලකා සිය බැඳුම්කර විකුණා දැමීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

රට තුළ තීව්‍ර වෙමින් පවතින දේශපාලන අවිනිශ්චිතතාව මේ තත්ත්වයට හේතු වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

බලයට පත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින කොන්දේසි වෙනස් කර ගැනීමට නැවතත් සාකච්ඡා සඳහා යොමු වන බවට විපක්ෂයේ අපේක්ෂකයින් මේ වනවිට කරන ප්‍රකාශ ඔස්සේ ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා පිළිබඳ ඔවුන් තුළ බියක් ඇති වී තිබෙනවා.

බැඳුම්කර හිමියන් සමග ඇතිකරත් එකඟතාවල කොන්දේසි තවදුරටත් වෙනස් කිරීමට ශ්‍රී ලංකා රාජයට අවශ්‍ය වුවත් ජනාධිපතිවරණයට පෙර ඒ සිදු කිරීම දුෂ්කර වී ඇතැයි ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Latest News

More like this

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...
error: Content is protected !!