හොඳ ලේස් සපත්තු ජෝඩුවක් දැකපු රනිල්ට සජිත් මතක් වෙලා..

වැසී ගිය කඩ සාප්පු නැවත විවෘත වන පරිදි තමා ආර්ථිකය ගොඩනැඟූ බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේදී ඊයේ(11) පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජන රැළිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජාතිය හෝ ආගම අරමුණු කරගනිමින් නොව ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගනිමින් බවයි.

ආර්ථික ක්‍රමයේ මෙම ස්ථාවරභාවය තහවුරු කිරීමට තීරණය ගත යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

“වෙනත් කවුරුවත් මේ වගකීම බාරගත්තෙ නැති වෙලාවේ මම භාරගත්තා. සජිත් තෙවෙල කිව්වම අපිට බාරගන්න බෑ මේ ලෙඩේ අපි භාරගන්නේ නැහැ කියලා. මොකක්ද තමන්ගේ හෘදය කියන්නේ? දැන් විතරද ජනතාව ගැන හිතන්නේ.

පොහොර මිල අඩු කරනවලු? ගොවීන්ට පොහොර අවශ්‍ය වෙලාවේ දුන්නද? අන්න ඒකයි මම අහන්නේ සජිත් ප්‍රේමදාසගෙන්. අනුර දිසානායකගෙන්.

මම විවෘත කරලා දුන්නා අමාරු ජනප්‍රිය නොවන තීරණ ගත්තා. වැට් වැඩි කරා, ඕගොල්ලෝ ඔක්කොම මට බැන්නා. ඒත් අපි හිතුවා හැටියට මාස හයෙන් ඔක්කොම වෙනස් වුණා. ආදායම වැඩි වුණා. රුපියල් ශක්තිමත් වුණා. මහ පාරේ වහලා වහල දාලා තිබුණු කඩ සාප්පු ඔක්කොම මම විවෘත කරලා දුන්නා.

අද මම මෙහි පැමිණෙන විට හොද සාප්පුවක් දැක්කා. එම සාප්පුවේ ලේස් සපත්තු කුට්ටමක් තිබ්බා. සජිත් මෙහි පැමිණි විට ඔබ එය ඔහුට අරන් දෙන්න. එතකොට ඔහුට දුවන්න පහසුයි.”

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී අරාජික වු අවස්ථාවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා රට භාරගත යුතුව තිබුණද එම අවස්ථාවේ එය පැහැර හැරිය බව සඳහන් කරමින් ජනාධිපතිවරයා මීට පෙර පැවසුවේ රට භාරගන්න කියු විට සජිත් ඔලිම්පික් දිවූ බවයි.

Latest News

More like this

error: Content is protected !!