කටුනායකින් ඉන්දියාව බලා යාමට නියමිතව තිබූ ගුවන් යානයකට තරුණයෙක් රිංගයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම ආරක්ෂක මුරපොළවල්වලින් රිංගා ගොස් අද(12) අලුයම ඉන්දියාවේ චෙන්නායි බලා යන ගුවන් යානයකට හොර රහසේ ගොඩවීමට උත්සාහ කළ තරුණයකු ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු කලිසමක්, කමිසයක් සහ සෙරෙප්පුවලින් සැරසී සිට පොලිසිය පවසනවා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ඔහු සිය පියා සමඟ චෙන්නායි හි පදිංචිව සිට ඇති අතර මීට පෙර දෙවතාවක් විදේශගත වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ගුවන් තොටුපළ ආරක්‍ෂක නිලධාරීන් සැකකරුට ගමන් ලියකියවිලි නොමැති බව හෙළි කරගැනීමෙන් අනතුරුව පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සැකකරුගේ සොහොයුරාගෙන්ද ප්‍රශ්ණ කර ඇති අතර සැකකරු මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින නමුත් මාසයක පමණ කාලයක සිට ඖෂධ ලබාගෙන නොමැති බව පොලිසියට දන්වා තිබෙනවා.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් මත මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

__tpx__
 

Latest News

More like this

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...
error: Content is protected !!