JVP කියා ගත් පොලු මුගුරු ගත් කණ්ඩායමක් ජාතික පුස්තකාලයේ යකා නටයි

දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ (12) දිනයේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ මහජන සම්මන්ත්‍රණයකට ප්‍රහාරයක් එල්ල වුණා.

එහිදී පැවති දේශනයක් අතරතුර ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරමින් අදහස් පළ වීමත් සමඟයි.

ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී සිටි බවට කළ එම ප්‍රකාශයට සභවෙන් දැඩි විරෝධයක් එල්ල වීමත් සමඟ මෙම ගැටුම ඇති වී තිබුණා.

එම උණුසුම් තත්ත්වය සමඟ එම ස්ථානයේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ යැයි පවසන පිරිසක් විසින් පොලු මුගුරුවලින් පහර දීමක් සිදු කර ඇති බවයි වාර්තා වුණේ.

“NPP ද NPP නමින් ආ වෙනත් පිරිසක් ද කියලා අපි දන්නෙ නෑ. ඒක නිසා මේ ආව අය කරුණාකරලා ඇරෙස්ට් කරන්න ඕන. මේක පොලිටිකල් බෑඩ් ඉෂූ එකක්. මුන් NPP ද JVP ද LTTE ද කියල අපි කවුද දන්නෙ මේක. ඇරෙස්ට් කරන්න. මුන්ට යන්න දෙන්න එපා. හොයන්න මේ කල්ලිය කවුද කියලා.

දේශප්‍රේමී ජාතික පෙරමුණ චෝදනා කර සිටියේ  ජාතික ජන බලවේගයේ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

ජාතික ජන බලවේගය පෙරේදා (11) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණ ලෙස පෙනී සිටින කණ්ඩායම් රටේ විවිධ ආකාරයේ කලබල ඇති කිරීමේ අවධානමක් පවතින බව පෙන්වා දී තිබුණා.

Latest News

More like this

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...
error: Content is protected !!