ජනපතිගේ පරිවාරක ගුවන් යානයක් හදිසි ගොඩ බෑමකට..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් කළ හෙලිකොප්ටරයට පසුපසින් පැමිණි පරිවාරක හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

ඒ, එප්පාවල, කටියා ප්‍රදේශයේ වෙල් යායටකටයි.

එලෙස කාර්මික දෝශයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක්.

එම සිදුවීම හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නැහැ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ  එහි තිබූ බඩුබාහිරාදිය කොළඹ සිට පැමිණි වෙනත් ගුවන් යානයකට මාරුකර යැවූ බවයි.

අදාළ පරිවාරක හෙලිකොප්ටරයේ ඇති වූ කාර්මික දෝෂය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසුවේ.

Latest News

error: Content is protected !!