ජනපති සටනෙන් ඉවත්වෙන්න… ජ්‍යාත්‍යන්තරය රනිල්ට දැනුම් දෙයි

ජනාධිපතිවරණයේ තුන්වෙනි හා සිව්වැනි ස්ථානවල පසුවන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනපති තරගයෙන් ඉවත්වන ලෙස ජ්‍යාත්‍යන්තරය දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසනවා.

මේ වන විට ලැබි ඇති බුද්ධි තොරතුරු මඟින්ද ඔහු ජනපති සටනේ තුන්වෙනි සහ සිව්වැනි ස්ථානවල පසුවන බව තහවුරු වන බවත් ජනාධිපතිවරයා තවමත් සටනේ එල්ලී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද බෙදමින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කර අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමට බව ඔහු අද (15) පැවති මාධ්‍ය හමුවක් අතරතුර ප්‍රකාශ කළා.

ජ්‍යාත්‍යන්තරයට ද අවශ්‍ය වී තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ නව වෙනසක් නව ආණ්ඩුවක් බව ද ඔහු එහිදී පැවසුවා.

“තත්ත්වය ඉතාමත් හොඳයි. අලුත්ම සමීක්ෂණය අනුව අපි සියයට පනහ ඉක්මවා ඉන්නේ. බුද්ධි අංශවලින් සියලු අපේක්ෂකයන්ට තමන් ඉන්න තැන දැනුම් දීලා තිබෙනවා. ඒක ප්‍රසිද්ධියේ නෙවෙයි අප්‍රසිද්ධියේම කියලා කියලා තියෙනවා. තුන හතරේ ඉන්නෙ කවුද කියලා තමුන්නාන්සේලා දන්නවනේ. කවුද තුන? ඇයි බයද කියන්න.

ඇත්ත වශයෙන්ම තුනයි, හතරයි ඉල්ලන්නේ ඡන්දය අපතේ යවන්න. ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තරය කියලා තියෙනවා තුන්වෙනි අපේක්ෂකයටයි හතරවෙනි අපේක්ෂකයටයි ඉල්ලා අස්වෙන්න කියලා. මොකද ඡන්දෙ අපතේ යෑමක්. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද කඩන්න ගරු ජනාධිපතිතුමා උත්සාහයක් දරනවා. එතුම පැහැදිලිවම දන්නවා එකම තුන නැත්නම් හතර කියලා. එහෙම තියෙද්දිත් එතුමා මේ රේස් එකේ ඉන්නවා. රේස් එකේ ඉන්න දිනන්න නෙවෙයි. එතුමගේ එකම බලාපොරොත්තුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද පුළුවන් තරම් කඩලා සජිත් ප්‍රේමදාස මහත්තය පරාජය කරලා අනුර කුමාර මහත්තයව ජයග්‍රහණය කරවන එක.”

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...