ජනපතිට සහය දක්වන මැති ඇමතිවරු රටින් පැනලා යන්න වීසා අරගෙනද? සුසිල්ට යකා වැහුණ ප්‍රශ්ණය..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන කිසිවකුට රටින් පිටව යාමට අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර දී ජනාධිපතිවරයාට සහයෝගය දක්වන මැති ඇමතිවරු 80 කට අධික පිරිසක් රටින් පිටවීමට වීසා ලබා ගෙන ඇති බවට පසු ගිය දා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කළ ප්‍රකාශයක් පිළිබඳ විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා ළඟට පැමිණි අයට එසේ පලා යාමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි සඳහන් කළේ.

රටේ මහ ජනතාවට වැඩියෙන්ම රටෙන් පලා යාමට සිදුවුණේ 2022 මැයි 09 වෙනිදායින් පසුව බවත් ජනාධිපතිවරයා ළඟට පැමිණි හෝ අතහැර ගිය කිසිවකුට රටින් පලායාමට අවශ්‍ය නැති බව ඔහු කියා සිටියා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා….

“කවුද කියන්නේ? මුජිබර් රහුමාන් වීසා අරගෙන ඇති.පැනලා යන්න වීසා ගන්න අපි කාටවත් අවශ්‍ය නැහැ. මොකද අපි දිනනවා. අපි සැලසුම් කරන්නේ විසි දෙකෙන් පස්සේ අපේ ප්‍රතිපත්ති සැලසුම් සැලසුම් වල තියෙන දේවල් ඉස්සරහට අරගෙන ගිහිල්ලා ජනතාවගේ පැත්තෙන් අයවැයෙන් දෙන්න පුළුවන් සහන දීලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ඒ අයවත් තරහ කරගන්නේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා.

ඇයි අපි මේ රටින් යන්නේ. මම මුලින් බැංකුවක හිටියේ බැංකුවෙන් ලෝන් එකක් අරගෙන තමයි ගේ හැදුවේ. මට ඇරියස් නැහැ වෝටර් බෝඩ් එකට විදුලි බල මණ්ඩලයට. අහන්න ඕන කෙනෙක්ගෙන් බාර් ලයිෂන් අරගෙන නෑ. තුවක්කු අරන් නෑ. නිකං බොරු හදලා බොරු බිල්ලෝ මවන්න එපා. මම දවස් හතකට දිස්ත්‍රික්ක හතකට ගියා. මම පැහැදිලිව කියනව ජනාධිපතිතුමා මේ හැම දිස්ත්‍රික්කයකම ඉදිරියෙන් ඉන්නවා කියලා.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!