දේශපාලන පොරය කනපිට හැරූ සිරස සටන.. නැරැඹුම් වාර මිලියනය පනී

ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (14) සහභාගීවූ සිරස රූපවාහිනි නාළිකාවේ ‘සටන’ වැඩසටහන විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට මිලියනයකට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබෙනවා.

ඊයේ රාත්‍රී පැය තුනකට ආසන්න කාලයක් විකාශය වූ මෙම වැඩසටහන සජීවීව විවිධ යූ ටියුබ් නාළිකා සහ සමාජ මාධ්‍යවල ද විකාශය කෙරුණා.

සියලුම සමාජ මාධ්‍යවල මේ වන විට සටන වැඩසටහනේ වීඩියෝ සහ ෆෝස්ට් වයිරල් වෙමින් පවතී.

අනුර කුමාර දිසානායක මහතාගේ නිල යූ ටියුබ් නාළිකාවේ 372,000ක් සහ ඔහුගේ FB පිටුවේ 400,000ක් දෙනෙක් මේ වනවිට එම වැඩසටහන නරඹා තිබෙනවා. 

ඊට අමතරව සිරස යූටියුබ් හී 530,000ක් සහ සිරස FB පිටුවේ 82,700ක් මේ මොහොත වනවිට අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ‘සිරස සටන’ නරඹා ඇති අතර එම ගණන් තවදුරටත් ඉහළ යමින් පවතින්නේ මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයකු සහභාගී වූ වැඩසටහනකට ලැබුණු ඉහළම ප්‍රතිචාරය හිමි වූ වැඩසටහන බවට පත් කරමිනි..  

මේ සමාජ මාධ්‍ය ගිණුම් හතර තුළ දී පමණක් මේ මොහොත වනවිට වැඩසටහන නැරඹූ පිරිස මිලියනක් ඉක්මවා ගොස් ඇති බවයි පෙන්නුම් කරන්නේ.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...