කොරහත් බිඳගෙන යන්න හදන රනිල්ගේ අන්තිම කුපාඩි ගේම.. මාළිමාව කියයි

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ බල හුවමාරුවක දී රටට හෝ ජනතාවට හෝ අගතියක් නොවන හැටියට ක්‍රියා කිරීම ජනාධිපතිගේ වගකීමක් බවත් මේ රටට කළ හැකි උපරිම අගතිදායක දේවල් සිදු කර ඔවුන් යනවා නම්, අලුතින් පත් වන ජනාධිපතිවරයාට ක්‍රියා කළ හැකි ආකාරයන් ද පවතින බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එසේ පෑවසුවේ අද (15) පැවති මාධ්‍ය හමුවක් අතරතුර ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ඇතිවන තත්ත්වය කුමක්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එවැනි අයිතියක් ඇතත් එය රට අල්ලා පොළොවේ ගැසීමක් බව ඔහු කියා සිටියා.

“ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. එහෙම විසුරුවා හැරියහොත්, එයින් කියැවෙන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එක් වී මේ රට අල්ලලා පොළොවේ ගහනවා කියන එකයි. ශුද්ධ සිංහලෙන් කියනවා නම්, කුපාඩි වැඩක්. ව්‍යවස්ථාවෙන් යා හැකි දුරකුත් තියෙනවා. නමුත්, මේ කුපාඩි වැඩෙන් කරන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වාගේ වැඩක්.”

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...