තාජුඩීන්, ලසන්ත, එක්නැළිගොඩට ඇත්තටම වුණේ මොකද කියලා හොයනවා.. නාමල්

තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩගේ මරණවලට සාධාරණ ඉටු කළ යුතු මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය ඇත්තටම සිදු වූයේ කුමක්දැයි දැනගත යුතු අතර තමාට ද එය දැනගැනීමේ අවශ්‍යතාව පවතින බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

තමා ජනාධිපති ධුරයට පත් වුවහොත් දේශපාලන වේදිකාවල සටන් පාඨ සියල්ල සඳහා පරීක්ෂණ සිදු කරන බව ඔහු කියා සිටියා.

සාධාරණ පරීක්ෂණ පවත්වනවා පමණක් නොව එම කරුණු දේශපාලන වේදිකාවල බොරු සටන් පාඨ බවට පත්කරගෙන සිටියේ නම් එයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) රාත්‍රියේ සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සටන වැඩසටහනට සහභගී වෙමිනි.

තාජුඩීන් අහිමි වුණා. එයාගේ පවුලට ඔහුව අහිමි වුණා. ඔයාගේ යාළුවෙක් මැරුණ ක්‍රීඩකයෙක් මැරුණා. ලසන්ත අහිමි වුණා. මැරුවා එයාගේ දරුවන්ට තාත්තා අහිමි වුණා. ප්‍රගීත් එක්නැලි ගොඩගේ ඇටයක්වත් තමා ගන්න බැරි වුණා. මේ සියලු දේවල් උනේ ඔබ ඇමතිකම් දරපු තාත්තා ජනාධිපති ධුරය දරපු ආණ්ඩුවල. මේ ගැන ඔබ කියන්න අකමැති නම් කියන්න එපා කමක් නෑ. මේ ගැන ඔබ දැන් දරන මතය කුමක්ද?

පළවෙනි දේ ඔය කරුණු තුනම අතිශය දේශපාලනීකරණය කරපු කාරණා තුනක්. මැතිවරණ වේදිකාවල ප්‍රධාන සටන් පාඨ බවට පත්වෙච්ච කාරණා. ඒවගේම යහ පාලන ආණ්ඩුව විශේෂ අධිකරණ පත්කරලා පරීක්ෂණ කරපු කාරණා තුනක්. ඒ පරීක්ෂණවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන විදියට ජනතා විමුක්ති පෙරමුණත් සෘජුවම සම්බන්ධ වුණා.

මම අර දැනට ඉන්න ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තුන්දෙනාම එම පරීක්ෂණවලට සහභාගි වුණා. මගේ එකම ඉල්ලීමයි තියෙන්නේ අපේ පරීක්ෂණ කටයුතු කරමු. හැබැයි දේශපාලන වේදිකාවේ ටොපික් එකක් කරගන්න එපා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!