පලානාධිකාරිය දැන්ම ටිකට් බුක් කරගෙන.. 22වැනිදායින් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උඩ ඉඳල යටටම සුද්ධයක්

දැවැන්ත පාඩු විඳිමින් පවත්වාගෙන ආ ශ්‍රී ලංකා ගුවන් සේවය ඉහළ සිට පහළට වෙනස් කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසා තිබෙනවා.

මේ වනවිට එහි පාලන අධිකාරියේ ඇතැම් අය ශ්‍රී ලංකාවෙන් පැන යාමට ගුවන් ටිකට්පත් වෙන් කර ගෙන ඇති බව සඳහන් කළ ඔහු කියා සිටියේ  ලෝකයේ කොතැනක සිටියත් විනාශකාරි පාලනයට දායක වූ සියලු දෙනාට ශ්‍රී ලංකා නීතිය ප්‍රකාරව දඳුවම් කරන බවයි.

“සමහර වැටුප් තල තියෙනව ඒවා ඉන්ටර්නැෂනල් රේට්ස් නෙමෙයි තියෙන්නේ. හැබැයි අපි ආව ගමන් ඉන්ටර්නැෂනල් රේට් එකට වැටුප් ගේන්න බෑ. ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගුවන් සමාගම ගේන්න ඕන. ඒකට අපි හිතනවා ලංකාවේ අපි ඉන්න තැනයි අපේ ටාගට් එකට යන්නයි අඩුම තරමදා ප්ලේන් විස්සක් විතර ගේන්න වෙනවා අපේ ගුවන් සමාගමට. ගුවන් යානා 20ක් විතර දාලා වේගවත් වර්ධනයක් දුන්නොත් අපිට මේක උස්සන්න පුළුවන්. නැවත ශ්‍රී ලංකන් ගුවන් සමාගම දුවන්න පුළුවන් මට්ටමට අපි මේක පළවෙනි වටයේ උස්සනවා.

එතනින් තමයි මේක පටන් ගන්න ඕන. මොකද අපට ඩොමෙස්ටික් එයාර් ලයින් එකක් ඕන. ඩොමෙස්ටික් එයාර් ලයින් එකක් නැතිවුණාම ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස්වලින් පැය අටක් දහයක් අතර එන අයට යාපනේට යන්න තව පැය අටක් දහයක් යනවා.ඩොමෙස්ටික් එයාර් ලයින් එකක් කියන්නේ ලොකු බිස්නස් එකක් තියෙනවා. ගුවන් සමාගම එක පැත්තකින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕන.

අපි රට හදන්න පටන් ගන්නේ ජනාධිපතිගෙන්. ඒ වගේ ගුවන් සමාගම හදන්නෙත් උඩ ඉඳලා. මේ දවස්වල සමහරු අධ්‍යක්ෂකම් ඉල්ලනවා සභාපතිකම් ඉල්ලනවා. ගුවන් සමාගම හදන්න ආස කට්ටියත් ඉන්නවනේ. පළවෙනි එක කළමනාකාරීත්වය ප්‍රශ්නයක් තියෙනවා. HR එක තියෙනවා මං හිතන්නේ දෙසීයක් විතර ඉන්නවා. HR එකේ ඉඳන් වැඩේ පටන් ගන්න වෙනවා.

මොකද සමහර වැරදි වලට ඒ අය වගකියන්න ඕන. අපට ආරංචියි සමහරු ටිකට් එක දාගෙන ඉන්නෙ කියලා. දැන් ලෝකේ හරි පොඩියි. කොහේ ගියත් ලංකාවේ නීති ඇතුළෙ තමයි දඬුවම් දෙන්න තියෙන්නේ. ඒ නිසා අපි කාටවත් නීත්‍යානුකූල නොවන ක්‍රියා මාර්ග යටතේ දඬුවම් දෙන්නෙ නැහැ. හැබැයි අපේ රටට මේ කරපු අපරාධවලට වැරදිකාරයෝ නම් දඬුවම් ලැබිය යුතුමයි.

ශ්‍රී ලංකන් ගුවන් සමගම අවුරුද්දකට මිලියන 20,000 ක් 30,000ක් පාඩු ලබන බව දැන දැනත් ඒ පාඩු කන්ටිනියු කරපු මිනිස්සු ඈත ගම්වල බෙහෙත් පෙත්තක් නැතුව මියයනකොට ඒ මිනිස්සු ජීවිතේ අත් අරිනකොට ඊට දායක වුණු අයට නිදහසේ ඉන්න දෙන්න බෑ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විතරක් නෙවෙයි මුළු සමාජයම දැවැන්ත පරිවර්තනයක් අභිමුවට ඇවිත් ඉන්නකොට ඒ පරිවර්තනය වළක්වන්න බොහෝ වෙහෙස මහන්සි වෙනවා දූෂිත පාලකයෝ ඒ දූෂිතයන්ගෙන් යැපුණු මිනිස්සු.”

Latest News

More like this

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...
error: Content is protected !!