සජිත් පළමු වතාවට අද රෑට සජීවීව හිරු නාළිකාවේ..

මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රූපවාහිනී සංවාදමය වැඩසටහනකට සහභාගී නොවූ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පළමුවරට (16) හිරු නාළිකාව ඔස්සේ විකාශය වන විශේෂ ‘සලකුණ’ වැඩසටහනට සහභාගී වීමට නියමිතය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඇතුලු මාධ්‍ය කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබන බවයි වාර්තා වන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණ කාල සීමාව තුළ කිසිදු රූපවාහිනි වැඩසටහනකට සහභාගී නොවූ අතර ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සමඟ යෝජිත විවාදයට ද සහභාගී වූයේ ද නැහැ.

හිරු නාළිකාව යනු මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන පෞද්ගලික මාධ්‍ය නාළිකාවක් වන අතර වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ද සජිත් ප්‍රේමදාස හිතවාදී මාධ්‍යවේදියකු ලෙස ප්‍රකට තැනැත්තෙකි.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයට තරග වදින එක් අපේක්ෂකයකු සජීවී වැඩසටහනකට සහභාගී වීමට අකමැත්ත පළ කිරීම නිසා එම වැඩසටහන පෙර පටිගත කර පසුව සජීවී ලෙස විකාශය කිරීමට සැලසුම් කර ඇති බවට ද වාර්තා පළ වුණා.

ඒ අනුව මෙතෙක් කිසිදු රූපවාහිනී නාළිකාවක විකාශය වූ වැඩසටහනකට සහභාගී නොවූ සජිත් ප්‍රේමදාස මහතා ඔහුට හිතවාදී නාලිකාවක එකවර පෙනී සිටීම ද සුවිශේෂී සිදුවීමක් බවට පත් වී තිබෙනවා.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...