නාමල් ජනපති තරගයෙන් ඉවත් කරගෙන රනිල්ට ඒ සහායත් දෙන්නැයි මහින්දට බලපෑම්

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ධුරයෙන් ඉවත්කර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සහයත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නැයි පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පුතාණෝලා,පුතාලා සියලු දෙනා අනියම්ව හෝ නියම්ව මේ මොහොතේ ක්‍රියා කරමින් ඉන්නේ වෙන බලවේගයක් ඉදිරියට ගෙන ඒමට බව උන්වහන්සේ සඳහන් කළා.

උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද (16) නාරහේන්පිට අභයසිංහාරාමයේ පැවති සඟ සමුළුවක් අමතමිනි.

“අනේ අපේ පුතාණෝලා සර්ලා ඔබලා ඔය දෙන අනුග්‍රහය අනියම්ම හෝ නියම්ව වෙන පැත්තකට ඔය කර අදින්නේ. රනිල් සර්ට විරුද්ධව මේ රටේ සැබෑ ආගමට ජාතියට භාෂාවට විරුද්ධව යැවෙනවනම් දෙපාරක් තුන්පාරක් සිතත්වා.2009 දී විජයග්‍රහණය අරන් දීපු මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණනි,ඔබතුමාගේ පිළිරූ හදලා මේ මිනිස්සු වඳියි.මේ මොහොතේ පුත්‍රයා ගෙනැල්ලා මේක කරගෙන යන්න ඉඩ දියල්ලා කියලා ඉඩ දෙන්න. ඔබතුමා සැබෑ දේශප්‍රේමියෙක් නම් මේ මොහොතේ කොල්ලො දරුවො අයින් වෙයන් කියලා කියන්න ඕන,නාමල් පුතේ ඔයාට නිසි වෙලාව ආවම රාහුල හාමුදුරුවෝ එතනත් ඉන්නවා. ඔබ තව ගොඩ නැගෙන්න ඕන”

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...