විශ්ව විද්‍යාල අසල ආරක්‍ෂාව තර කරයි…

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව තර කිරීමටත් රාත්‍රී මුර සංචාරය වැඩි කිරීමටත් පොලිසිය පියවර ගෙන ඇත.

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් පසුගියදා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ කරන ලද සාකච්ඡා වලින් අනතුරුව පොලිස්පතිවරයාට දුන් උපදෙස් මත මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කරඇත.

පොලිස්පති වික්‍රමරත්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන්ද මෙම රැස්වීමට සහභාගි වී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලය තුළ සොරකම් වැඩි වී ඇතැයි එහි උපකුලපතිවරයා පෙන්වා දීමෙන් පසු අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය නේවාසිකාගාර ආසන්නයේ ආරක්ෂාව වැඩි කරන ලෙස එහි උපකුලපතිවරැන් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව විශ්වවිද්‍යාල ආසන්නයේ ආරක්ෂක මුර සංචාර වැඩි කිරීමට අමාත්‍යවරයා දන්වා ඇත.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...