ආණ්ඩු මාරුව සමඟ රට අරාජික වෙයි.. ගෑස් තෙල්,විදුලිය නැති වෙයිද?

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමත් සමඟ රට අරාජික වේයැයි යන බියක් රට තුළ නිර්මාණය කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් 21 වැනිදායින් පසු තෙල්, ගෑස්,ගල් අඟුරු හා විදුලිය හිඟයක් මතුවේ යැයි බියක් මතු කිරීමට උත්සහ කරමින් සිටින බවත් ඒ පිළිබඳ කිසිදු බියක් තබා නොගන්නා ලෙස ඔහු කියා සිටියා.

ගෑස් තෙල් ආහාර ඇතුළු භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට ජාතික ජන බලවේගය සහතික වන බව ඔහු පැවසුවේ අද (17) ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතුර දීය.

ජයග්‍රහණය සමඟ සිය දේශපාලන බලවේගයට ජ්‍යාත්‍යන්තරයේ සහයෝගය ද ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බව නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

සජිත් පන්නයේ,සුජීව සේනසිංහ පන්නයේ,තුෂාර ඉඳුනිල් පන්නයේ,තිස්ස අත්තනායක පන්නයේ බාල දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු අතර ජාතික ජන බලවේගය බලාපොරොත්තු වන්නේ ඉතා සාමකාමී දේශපාලන පරිවර්තනයක් බව ඔහු අවධාරණය කර සිටියා.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...