Suda Studio හා Suda Creation ලෙස මෑතකලීනව යූ ටියුබ් හි අතිශය ජනප්‍රියත්වයට පත් ජනප්‍රිය රංගන ශිල්පී සුදත්ත තිලකසිරිගේ යු ටියුබ් නාළිකා දෙකම යූ ටියුබ් අවකාශයෙන් අතුරුදන් වී තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණයට අදාළව ඔහු විසින් පසුගිය කාල වකවානුවේ ජනමත සමීක්ෂණ ගණනාවක් සිදු කළ අතර එම චැනල් දෙක ඔස්සේ ඇතැම් දේශපාලඥයන් දැඩි ලෙස විවේචනය කිරීමට ද ඔහු කටයුතු කළා.
ඔහු සිදුකළ මත විමසුම්වල අවසාන සමස්‍ත ප්‍රතිඵලය ද නිකුත් කිරීමට කටයුතු කරමින් සිටි අතරතුරයි මෙම ප්‍රහාරය එල්ල වුණේ.
සුදාගේ ජනමත සමීක්ෂණවල අවසාන ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර තිබීම හා එය දරාගත නොහැකි කණ්‍ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට ද මත පළ වෙමින් පවතී.
Sudaa යූ ටියුබ් නාළිකා දෙකකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ද පවසනවා.
කෙසේවෙතත් ඔහුගේ ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල ‘Apple kade නුවන්’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නිකුත් කරන බවයි එහි සඳහන් වන්නේ.