රේඩියෝ සංඥා පද්ධතියක් ඔස්සේ ලෙබනනයට බිහිසුණු ප්‍රහාර මාලාවක්.. 3000කට අධික පිරිසක් තුවාල ලබයි..

ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදු වූ පිපිරීම් මාලාවකින් හිස්බුල්ලා සටන්කාමීන් 09 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා “පේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් ඔවුන් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පේජර් පණිවිඩ හුවමාරු යන්ත්‍ර සිය ගණනක් ලෙබනනය පුරා එකවර පුපුරා ගියේ මුළු රටම කම්පනයට ලක් කරමිනි. එක් වෙළැඳසලක කැෂියර් එක අසලද මෙම යන්ත්‍රයක් පුපුරා ගොස් තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තාවල තුවාල පැබූ පුද්ගලයින්ගෙන් 200ක පමණ පිරිසකගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

මාර්ග අසල, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්වලදී මෙන්ම නිවෙස් ආශ්‍රිතව මෙම පිපිරීම් සිදුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාර මාලාවට ඊශ්‍රායලය වගකිව යුතු බව හිස්බුල්ලා සංවිධානය චෝදනා කර තිබෙනවා.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් අලුතින් හඳුන්වා දී තිබෙන රේඩියෝ සංඥා ජෑමර් පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම සිදුකර තිබෙන බව සඳහන්.

හිස්බුල්ලා ප්‍රධානී සෙයිද් හසන් නස්රල්ලාට පිපිරීම්වලින් හානියක් සිදුවී නොමැති බව එම සංවිධානය පවසනවා.

මේ අතර ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසන්නේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා නොමැති බවයි.

කෙසේ වෙතත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව ලෙබනනයේ ඉරාන තානාපති Mojtaba Amani ද පිපිරීම්වලින් තුවාල ලබා ඇති බව සඳහන්.__tpx__

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!