ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නැයි රට පුරා විරෝධතා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලමින් දෙමව්පියන් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට කළ විරෝධතාවක් හේතුවෙන් එම දෙපාර්තමේන්තුව අසළ උණුසුම් තත්ත්වයක් උද්ගත වුණා.

පසුගිය දා පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්ණ පත්‍රය නිකුත් වී තිබීම හා එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙම විරෝධයට හේතු වී තිබෙනවා.

දෙමව්පියන් මෙම විරෝධතාව එල්ල කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන් අවලංගු කරන ලෙසයි.

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමි වී තිබුණා.

එම ස්ථානයට පැමිණ සිටි දෙමාපියන් සඳහන් කර සිටියේ විභාග කොමසාරිස්වරයා මෙම ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇති බවත්, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

එම ස්ථානයේ ඇති වූ උණුසුම් තත්ත්වය සමඟ පොලිසිය සහ කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබුණා.

මීට සමගාමීව අද තවත් ප්‍රදේශ කිහිපයකින් විරෝධතා වාර්තා වුණා.

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඉරිදා පැවති අතර ඊට අපේක්ෂකයන් 323,879ක් පෙනී සිටියා.

කෙසේවෙතත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල කෙරුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් සිදුකළේ ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් පැමිණිලි ඉදිරිපත් වූ පසුබිමකය.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමටයි විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කර තිබුණේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!