මලයාලම් නිළියෝ පරාදයි… මිෂෙල්ගේ පළමු දමිළ චිත්‍රපටය

ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා දකුණු ඉන්දියානු සිනමා පටයක් වූ අධිරන් (Adhiran) චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට වාසනාවන්ත වූ අතර එම චිත්‍රපටයේ දෙවැනි පෝස්ටරය ද මේ වන විට නිකුත් වී තිබෙනවා.

එම පෝස්ටරයේ මිෂෙල් පේන්නේ හුරුබුහිටි දමිළ නිළියක් වගේමයි.

අධිරන් මිෂෙල්ගේ පළමු දමිළ චිත්‍රපටයයි.

සිය පළමු දමිළ සිනමා පටයෙන්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට තරම් වාසනාවන්ත වූ මිෂෙල් ඊට රංගනයෙන් එක්වන්නේ සුදර්ශන් රවීන්ද්‍රන් සමඟ.

චිත්‍රපට අධ්‍යක්ෂණය තිනේෂ් කනගරාජ්ගේ. එය නිෂ්පාදනය කෙරෙන්නේ`Adrian Productions විසින්.

චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට අවසන් බවයි ආරංචිය.

ශ්‍රී ලාංකීය දමිළ චිත්‍රපටයක් ලෙස නිර්මාණයව ඇති එය නුදුරේදීම දිවයින පුරා තිරගත කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

චිත්‍රපටයේ පළමු පෝස්ටරය මීට ඉහත මාධ්‍ය වෙත මුදා හැරියා. 

මිෂෙල් එය, ”මගේ පළවෙනි දමිළ චිත්‍රපටය – “Adhiran” ලෙසයි එය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබුණේ.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...