අනුරට බයයි කියමුකෝ.. ඇයි අප්පා සජිත් දෙරණේ කළිඳුට බය..?

ප්‍රචාරක කටයුතු සිදුකළ කාලසීමාව තුළ ජාතික ජන බලවේගයේ ආසන්නයටවත් ඒමට වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාව නොලැබුණු බව ජාතක ජන බලවේගය විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා බියගුළු නායකයකු බව නැවත නැවතත් ඔප්පු කරමින් සිට්න බවයි ඔහු සඳහන් කළේ.

සියලු රූපවාහිනී නාලිකා තමන්ගේ ප්‍රතිපත්ති පැවසීමට ජනාධිපති අපේක්ෂකයින්ට අවස්ථාව ලබා දුන් අතර අනුර කුමාර දිසානායක මහතා ඒ සෑම වැඩසටහනකටම සහභාගී වුණා.

එහෙත් සජිත් ප්‍රේමදාස මහත බියගුළුකම ප්‍රදර්ශනය කරමින් ඒ සෑම තැනකින්ම පලා ගිය බවත් අවසාන වශයෙන් දෙරණ නාළිකාවේ කළිඳු කරුණාරත්න සමඟ සංවාදයට පවා බිය වූ බව ඔහු කියා සිටියා.

එවැනි නායකයෙක් අනුර වැනි නායකයකුට බිය වීම සාධාරණ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු පැවැත්වුණු අවසන් දිනය වූ ඊයේ (18) දිනයේ රට අනුරට ජාතික ජන බලය වේගයේ කළුතර ජනරැළියේදීය.  

සජිත් කියන්නේ මොන තරම් කොන්ද පණ නැති බියගුල්ලෙක් ද කියන එක සජිත් ඊයේ දවසේත් ඔප්පු කළා. අපේ අනුර සහෝදරයා අනුරාධපුරයේ රැස්වීමක් කරලා, කුරුණෑගල රැස්වීම් තුනක් කරලා, මීරිගම රැස්වීමකුත් කරලා ‘සිරස’ රූපවාහිනියේ වැඩසටහනට ගියා. මේ සියලු රූපවාහිනී නාලිකාවලින් තමන්ගේ ප්‍රතිපත්ති කියන්න අවස්ථාව ලබා දුන්නා. ඒක රූපවාහිනී විවාදයක් නොවෙයි. සජිත් අනුර සහෝදරයාට බය වන එක සාධාරණයි. මැයි මාසයේ විවාදයෙන් පැනලා ගියෙත් ඒක නේ. අපේ අනුර සහෝදරයා කොළ කෑල්ලක් අතේ නැතිව අවශ්‍ය කරුණු නිවැරැදිව කතා කර කරුණු ඉදිරිපත් කිරීම ගැන බය වීම පිළිගත වුවත්, ‘දෙරණේ’ මාධ්‍යවේදී කලිඳුට බය වන්නේ ඇයි? 21 වැනිදායින් පස්සේ මාස තුන, හතරක් යන තුරු සජිත් ප්‍රේමදාසව හොයා ගන්නත් නැති වන බව මතක තබා ගන්න. 

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!