දෙවැනි මනාපය මෙහෙම දුන්නොත් ඡන්දය වතුරේ..

1981 අංක 02 දරණ ජනාධිපතිවරණ පනතේ සඳහන් වන ආකාරයට කිසියම් අපේක්ෂකයකු වෙත ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ අපේක්ෂකයාගේ නම සහ සලකුණට ඉදිරියෙන් ඇති කොටුවේ 1 ඉලක්කම හෝ කතිර ලකුණ සටහන් කිරීමෙනි.

එමෙන්ම කිසියම් අපේක්ෂකයකුට මනාප ලබා දීමට අපේක්ෂා කරන්නේ නම් එම අපේක්ෂකයා ඉදිරියේ 2 ඉලක්කම හා තුන්වන මනාපය ලබා දෙන්නේ නම් 3 ඉලක්කම සලකුණු කළ යුතුය.

ඡන්දය ප්‍රතික්ෂේප වන ආකාර:

කිසිම අපේක්ෂකයකුට ඡන්දය සලකුණු කර නොමැති එනම් හිස් ඡන්ද පත්‍රිකාවක් වීම.

එක් අපේක්ෂකයකුට වැඩි ප්‍රමාණයක් ඡන්දය සලකුණු කර තිබීම(එකේ ඉලක්කම් කිහිපයක් හෝ එකේ ඉලක්කම් දෙකක්.කතිරය සහ 1 ඉලක්කම සලකුණු කර ඇති අවස්ථාවලදී.)

දෙවැනි මනාපය හෝ තුවෙනි මනාපය පමණක් සලකුණු කර තිබීම.

ඡන්ද දායකයා හඳුනාගැනීමේ නමක් හෝ යම් රූප සටහනක් ඇඳ තිබීම.

යම් අපේක්ෂකයකුට කතිරය සලකුණු කර ඡන්දය ලබා දීමෙන් පසු මනාප පළකිරීම.(කතිරය සමඟ 2 හෝ 3 ලකුණු කර ඇති විටදී මුළු ඡන්ද පත්‍රිකාවම අවලංගු වේ.)

1,2,3 ඉක්මවා මනාප ලකුණු කර තිබීම.

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව අද (19) දින මේ පිළිබඳ විශේෂ දැනුම් දීමක් සිදු කළා.

__tpx__

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!