රනිල් අමු අමුවේ මැතිවරණ නීති කඩයි

2024 ජනාධිපතිවරණයේ ‘නිහඬ කාල සීමාව’ ප්‍රකාශයට පත් කර තිබෙන කාල සීමාව තුළ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා First Post නම් ඉන්දියානු යූටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ඉන්දියානු මාධ්‍යවේදනයක් වන පල්කි ශර්මා සමඟ සිදු කළ මෙම සමඟ සාකච්ඡාව ඊයේ (19) උදෑසන youtube නාලිකාව ඔස්සේ විකාශය වුණා.

පසුගිය 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජනාධිපති අපේක්ෂකයින් සියලුම ප්‍රචාරණ කටයුතුවලින් ඉවත් විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබියදී ජනාධිපතිවරයා මෙම වැඩසටහනට සහභාගි වීම පැහැදිලිවම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යටතට ගත හැකියි.

එය ජනාධිපතිවරයා විසින් දැන දැනම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ඊට විරෝධය එල්ලකරන්නන්ගේ මතය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි ඔවුන් පවසන්නේ.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...