තැපෑලේ ඡන්ද පත්‍රිකා තැන තැන හැලේ..සමහර පියුන්ලා බෙදලම නෑ

කළුතර පයාගල,ඈතගම ග්‍රාම නිලධාරී වසම් දෙකකට නිල ඡන්ද පත්‍රිකා 900ක් පමණ නොබෙදා ළඟ තබා ගත් බව කියන තැපැල් සේවකයකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර තිබෙනවා.

කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරිකාර්යාලයේ උසස් නිලධාරීන් සඳහන් කළේ පයාගල ඈත කම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු බවට එම ගම්මානයේ ජනතාව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

එම ඡන්ද පත්‍රිකා දින 11ක් තිස්සේ තැපැල්කරු සන්තකයේ තබාගෙන සිටියදී සොයා ගෙන තිබෙනවා.

පයාගාල,ඈතගම නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම්වලට අයත් ජනතාවට ඡන්ද පත්‍රිකා ලැබී නොතිබීම නිසා ඔවුන් බොහෝ අසීරුතාවන්ට මුහුණ දී තිබුණා.

කළුතර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පයාගල උප තැපැල් කාර්යාලයට එම ඡන්ද පත්‍රිකා ලැබී තිබුණේ පෙරේදා උදෑසන බවත් කැමති අයට තැපැල් කාර්යාලයට පැමිණ ඒවා ලබා ගත හැකි බවත් දන්වා තිබෙනවා.

ඒ අනුව කිහිප දෙනෙකු ගොස් ඡන්ද පත්‍රිකා ලබා ගත් බව ද ප්‍රදේශවාසීන් කියා සිටියා.

මේ අතර පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ වෙළඳසලක තිබියදී ද නිල ඡන්ද පත්‍රිකා 147ක් ඊයේ (19) උදෑසන කාලයේ හමුවී තිබෙනවා.

මේ පිළිබඳ ඉහළ තැපැල් නිලධාරීන්ගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.

පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් තිල්අඩිය කලාපයට බෙදා දීම සඳහා දී තිබූ නිල ඡන්ද පත්‍රිකා 5723ක් අතරින් මෙලෙස 147 ක ඡන්ද පත්‍රිකා තොගයක් අදාළ වෙළඳසල තුළ තිබෙන බවට ලැබුණු පැමිණිල්ලක් මත අදාළ ස්ථානයට නිලධාරීන් පිරිසක් යවා එම ඡන්ද පත්‍රිකා තොගය ආපසු තැපැල්කාරයට රැගෙන ඒමට කටයුතු කළ බව තැපැල් ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව කළ විමසීම එක්ක දී සඳහන් කර තිබෙනවා.

නිල ඡන්ද පත්‍රිකාවක් කිසිදු වැසකින් වෙනත් අයකුට ලබාදිය නොහැකි බව මැතිවරණ නීතිවල දැඩි ලෙස සඳහන් කර තිබියදී මෙලෙස කටයුතු කිරීම බරපතල වරදක් ලෙස සැලකෙනවා.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...