චම්පිකගේ මුල් සංවිධාන වලට අත් වූ සෝචනීය ඉරණම ‘පැන්සල’ට අත් නොවේවා..

චම්පික රණවක මහතා විසින් ඊයේ(22) දින බිහිකරන ලද්දේ ඔහුගේ 12 වෙනි සංවිධාන බවත් එයවත් සාර්ථක වේවා යයි පතන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙල උරුම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්ගඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ වතාවෙවත් මේ සංවිධානයවත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ එතුමා බිහිකරන 12 වෙනි සංවිධානය. එම සංවිධාන 12 න් 43 සේනාංකය හැරුණු විට අනික් සංවිධාන මහපොළවේ නෑ.

ඒවානම් 1992 – ජනතා මිතුරෝ, 1995 – ජාතික සංඝ සභාව, 1996 – ජාතික දහම් ගුරු සභාව, 1998 – ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය, 2000 – සිහළ උරුමය, 2001 – ජාතික සංඝ සම්මේලනය, 2002 – ජාතික විද්වත් සභාව, 2004 – ජාතික හෙළ උරුමය, 2015 – යහපාලන සඳහා ජාතික පෙරමුණ, 2019 – ජාතික මග, 2021 – 43 සේනාංකය, 2023 – ජනරජ පෙරමුණ බිහිකලා. එතුමා පිහිටවූ මුල් සංවිධාන 10 ට අත් වූ සෝචනීය ඉරණම අත් නොවී එතුමන්ගේ නව පක්ෂයවත් චිරාත්කාලයක් පවතීවා කියලා අපි ප්‍රාර්ථනා කරණවා”

– Media unit

Latest News

error: Content is protected !!